
මැතිවරණ පොරොන්දු ඉටු කිරීමට නොහැකිව ආණ්ඩුව විශාල සිරවීමකට ලක්ව ඇතැයි සමගි ජන බලවේගය පවසනවා.
එහි මහලේකම්වරයා ඇතුළු නියෝජිතයින් පිරිසක් මේ බව පෙන්වා දුන්නේ මල්වතු – අස්ගිරි මහ නාහිමිවරුන් ඊයේ බැහැදුටු අවස්ථාවේයී.
සමගි ජන බලවේගයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ඊයේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියන් බැහැදුටුවා.

අනතුරුව ඔවුන් මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.
source :- https://tinyurl.com/bd2xs2d7








