ගතවූ වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසනවා.

සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය විසින් මී උණ රෝගය වළක්වා ගැනීම වෙනුවෙන් කළ දැනුවත් කිරීමේ වැඩසටහනකදීයි මේ බව අනාවරණය වූයේ.

පසුගිය වසරේ මහ කන්නය හා යල කන්නය තුළ ගොවීන් 41 දෙනෙකු එලෙස මී උණ රෝගයට ගොදුරුව ඇති බව ද සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ප්‍රකාශ කළා.

මහ කන්නයේ හා යල කන්නයේ වගා කටයුතුවලට පෙර මී උණ රෝගය වෙනුවෙන් ලබාගන්නා ප්‍රතිජිවක ඖෂධ ලබා ගැනීම තුළින් මී උණ රෝගයෙන් වැළකි සිටීමට හැකි බවද සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය සඳහන් කළා.

source :- https://tinyurl.com/2uzfhxmw

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here