
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හකුලා ගන්නා ලෙස බලකරමින් පැවති උද්ඝෝෂණයකදී නිරෝධායන නීති උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වූ ලංකා ගුරු සංගමය ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු 34 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.
ඒ ඊට අදාළ නඩුව අද අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.
2021 වසරේ ජූනි මස අටවනදා පොල්දුව මංසන්දියේ දී මෙම විරෝධතාවය පැවති අතර, එහිදී පොලිසිය විසින් නිරෝධායන පනත උල්ලංඝනය කිරීමේ චෝදනා මත සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

source :- https://tinyurl.com/mr2vbhdd








