
ගබ්සා පෙති අලෙවි කළ ඔසුසැල් හිමිකරුවෙකු නුවරඑළිය කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින් විසින් අද (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නුවරඑළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේද මැදිහත් වීමෙන්.
නිති විරෝධි ලෙස මෙරටට ආනයනය කරන ලද ගබ්සා පෙති තොගයක් සමග සැකකරු අත්අඩංගුවට ගත් බවයි පැවසෙන්නේ.

එම සැකකාර ඔසුසැල් හිමියා නිති විරෝධි ගබ්සා පෙත්තක් රු.15,000ක මිලකට අලෙවි කරන බවටයි තොරතුරු ලබී තිබෙන්නේ.
නුවරඑළිය කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරක් මතයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සමග එක්ව උපාය දුතයෙකු යොදාගනිමින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.
මේ අනූව ඔසුසැලේ අලෙවි කිරිමට තිබු ගබ්සා පෙති රැසක් පොලිස් භාරයට ගත් බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසුවේ.
මෙම නීති විරෝධි ගබ්සා පෙති මෙරට තුල අලෙවි කිරිම සපුරා තහනම් කර ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ.







