හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ, අද දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.

ඒ එම දෙපාර්තමේන්තුව ඔහුට පසුගියදා කළ දැනුම්දීමට අනුවයි.

කතරගම ප්‍රදේශයේ පිහිටි රජයේ ඉඩමක හිමිකාරත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද දිනයේ පෙනී සිටින ලෙසටයි යෝෂිත රාජපක්ෂට එමගින් දැනුම් දී තිබුණේ.

එසේම, එම ඉඩම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හිටපු ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන මේජර් නෙවිල් වන්නිආරච්චිගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය සිකුරාදා පැය 04ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා ගෙන තිබුණා.

මේ අතර, හිටපු අමාත්‍ය විමල් වීරවංශ ද අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිතව තිබෙනවා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මුදල් අමාත්‍ය ධුරය දරණ සමයේ සිදු වු අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සදහා ඔහු එම දෙපාර්තමේන්තුව වෙත යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/5n9aa6bv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here