කොළඹ අවිස්සාවේල්ල මාර්ගයේ අඹතලය ප්‍රදේශයේදී කඩුවෙල දෙස සිට අංගොඩ දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය අයිනේ නවතා තිබූ කන්ටේනර් රථයක පිටුපස ගැටී ඊයේ (02) රාත්‍රී කාලයේදී අනතුරක් සිදුව තිබෙන බව පොලිසිය පවසනවා.

එම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු මුල්ලේරියාව රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 34ක් වූ උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘත ශරීරය මුල්ලේරියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මුල්ලේරියාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

source :- https://tinyurl.com/5uvym4v3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here