
සයිබර් ප්‍රහාරයකට ලක්ව තිබූ රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය විසින් ඒ බව තහවුරු කරනවා.
මෙම සයිබර් ප්‍රහාරය කුමන පාර්ශ්වයක් විසින් සිදුකළේ ද යන්න නිශ්චිතව අනාවරණය වී නොමැති බවයි ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසන්නේ.

ඉකුත් 30 වැනිදා රාත්‍රියේ පොලීසියේ සමාජ මාධ්‍ය ජාලාවලට ද සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබුණා.
source :- https://tinyurl.com/2ae2wck6







