හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයින්ගේ බැංකු ගිණුම් හා ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් පනවා තිබූ තහනම් නියෝගය තවත් මාස තුනක් දීර්ඝ කිරීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

අල්ලස් කොමිසම විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණා.

අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව එම කොමිසම විසින් කරන ලද ඉල්ලීමකට අනුව හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලගේ බිරිඳ, දියණියන් ඇතුළු ඥාතීන්ගේ රුපියල් මිලියන 97කට අධික වටිනාකමකින් යුත් බැංකු ස්ථාවර තැන්පතු සහ ජීවිත රක්ෂණ ඔප්පු ක්‍රියාත්මක වීම වළක්වාලමින් කොළඹ මහාධිකරණය විසින් මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණා.

එම නියෝගය අදින් අවසන් වීමට නියමිතව තිබූ අතර, අල්ලස් කොමිසම විසින් එය තවදුරටත් දීර්ඝ කරන ලෙස කරන ලද ඉල්ලීමක් සලකා බැලූ කොළඹ මහාධිකරණය අදාළ නියෝගය අප්‍රේල් මස 02 වැනිදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට නියෝග කළා.

source :- https://tinyurl.com/7e27de5v

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here