ස්විට්සර්ලන්ත ගුවන් යානයක් හදිසියේම ගොඩබෑමට ලක් කර තිබෙනවා.

බුකාරෙස්ට් සිට සූරිච් බලා පිටත්ව ගිය ස්විස් ඉන්ටර්නැෂනල් එයාර් ලයින්ස් ගුවන් යානයක් එන්ජිමේ දෝෂයක් හේතුවෙන් මැදිරියේ සහ නියමු කුටියේ ඇති වූ දුමාරය හේතුවෙන් මෙලෙස ගොඩ බෑමට ලක් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.‍

යානය ගොඩ බස් වන අවස්ථාවේ මගීන් 74 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 05 දෙනෙකු සිට ඇති බව විදෙස් වාර්තාවල සදහන්.

ඉන් මගීන් 12 කට එහි ඇති වූ දුමාරය හේතුවෙන් ඇති වූ ශ්වසන අපහසුතා ද හටගෙන ඇති අතර, ඒ අතර කාර්ය මණ්ඩලයේ එක් අයෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සදහන් කළේ.

source :- https://tinyurl.com/yvpnau9t

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here