අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ ලබන ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන ප්‍රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රමවේදය ප්‍රකාශයට පත් කරමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින්.

ඒ අනුව, මෙතෙක් ක්‍රියාත්මක වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පසුගිය මැයි මස 17 වනදා නිකුත් කර තිබු අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු වනු ඇති.

නව ගැසට් නිවේදනයට අනුව මෙතෙක් දුප්පත් පවුලකට හිමිවූ රුපියල් 8,500 දීමනාව හා අන්ත දිළිඳු පවුලකට හිමිවූ රුපියල් 15,000 දීමනාව පිලිවෙලින් රුපියල් 10,000 සහ රුපියල් 17,500 දක්වා ඉහළ දමා තිබෙනවා.

අනෙකුත් කාණ්ඩ සඳහා දීමනා ප්‍රමාණයන් සශෝධනය කර නැහැ.

source :- https://tinyurl.com/rn3zyfz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here