පින්නවල අලි සංරක්ෂනාගාරය නැරඹීම සඳහා බලාපොරොත්තු වෙන දෙස් විදෙස් සංචාරකයන්ට අන්තර්ජාලය හරහා මාර්ගගත ක්‍රමයට ප්‍රවේශ පත්‍ර මිලදි ගත හැකි බව සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන් මාරසිංහ පවසනවා.

ඒ අනුව හෙට 26 සිට එය ක්‍රියාත්මක වන බවයි ඔහු පැවසුවේ.

පින්නවල එළිමහන් සත්වෝද්‍යානයට ගෙන එන ලද බෙංගාලි කොටි දෙදෙනකු මහජන ප්‍රදර්ශනය සඳහා යොමු කිරීම නිරීක්ෂනයට අද (25) එක්වෙමින් අධ්‍යක්ෂක ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

එමෙන්ම ඔහු සඳහන් කළේ QR කේතය භාවිතා කිරීම සහ බැංකු කාඩ්පත් මගින් ප්‍රවේශ පත්‍ර මිලට ගැනීමේ හැකියාවද පවතින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සත්වෝද්‍යාන අධ්‍යක්ෂක ජනරාල් රංජන් මාරසිංහ,

”වත්මන් රජයේ ඩිජිටල් කරන වැඩ සටහනට සමගාමීව මාර්ගගත ක්‍රමය ඔස්සේ ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීමට අප කටයුතු කළා. ඒ අනුව හෙට 26 දා සිට පින්නවල එළිමහන් සත්වෝද්‍යානය හා මේ ප්‍රවේශපත්‍ර ඉදිරි මාස තුනක කාලයක් සඳහා වෙන්කර ගැනීමේ හැකියාව පවතිනවා.
source :- https://tinyurl.com/mr3f45pc

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here