ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගැනීම හරහා මහජන මුදල් අවභාවිත කළ බවට එල්ල වන චෝදනාව හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රතික්ෂේප කරනවා.

එම මුදල් හදිසි වෛද්‍ය ප්‍රතිකාර කටයුත්තකට භාවිතා කළ බවයි ඔහු පවසන්නේ.

ඒ අනූව හෘදයාබාධයකින් පසුව ස්ටෙන්ට් සැත්කමක් සඳහා 2014 දී ජනාධිපති අරමුදලෙන් රුපියල් 500,000 ක් ලැබුණු බවයි වාසුදේව නානායක්කාර නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

සිය වෛද්‍යවරයාගේ නිර්දේශය මත පෞද්ගලික් රෝහලකදී සැත්කම සිදුකළ බවද ඔහු පවසනවා.

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබාගත් බව කියන දේශපාලනඥයන්ගේ ලැයිස්තුවක් ඉකුත් දා අමාත්‍ය නලින්ද ජයතිස්ස හෙළි කළා.

source :- https://tinyurl.com/24e329cm

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here