මෙරටට වාහන ආනයනය තහනම් කර වසර ගණනාවකට පසු එම සීමා ලිහිල් කිරීම යටතේ පළමු රථවාහන තොගය මේ වනවිට දිවයිනට ගෙන්වා තිබෙනවා.

ටොයොටා ලංකා සමාගම එම වාහන ගෙන්වා ඇත්තේ සංචාරක ව්‍යාපාරයට අවශ්‍ය වාහන ගෙන්වීමට රජය දී ඇති අවසරය මතයි.

ටොයෝටා ලංකා පෞද්ගලික සමාගම මේ වන විට වාහන 26ක් ආනයනය කර ඇති අතර, ඊට බස් රථ සහ වෑන් රථ අයත්.

මේ අතර, ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරිංචිගේ කියා සිටියේ ඉදිරියේදී ජනාධිපතිවරයා හමුවී වාහන ආනයනය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවයි.

source :- https://tinyurl.com/4a2b8745

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here