සහල් තොග නොලැබීම හේතුවෙන් මරඳගහමුල සහල් තොග වෙළෙඳ මධ්‍යස්ථාන භූමිය පාළු ස්වභාවයක් ගෙන තිබෙනවා.

ඊයේ උදෑසන මරදගහමුල සහල්තොග වෙළෙඳසැල් වලින් විවෘතව පැවතියේ කිහිපයක් පමණක් බවයි වාර්තා වන්නේ.

කීරී සම්බා, කැකුළු සම්බා වැනි වර්ග පමණක් විවෘතව පැවති වෙළෙඳසැල්වල දක්නට ලැබුණා.

නාඩු සහ සුදු කැකුළු වෙළෙඳපොළේ දක්නට ලැබුණේ නැහැ.

ව්‍යාපාරිකයන් සඳහන් කළේ මරඳගහමුල ප්‍රදේශයේ පිහිටි මෝල්වල තිබූ වී සහල් බවට පත්කොට වෙළෙඳපොළට මේ වනවිට නිකුත් කොට අවසාන බවයි.

ඒ හේතුවෙන් තමන්ගේ මෝල් වසා දමා ඇති අතර විකිණීම සඳහා සහල් නොමැති වීමෙන් වෙළෙඳසැල් ද වසා දැමීමට සිදුව ඇති බව ඔවුන් සඳහන් කළා.

දිවයිනේ වෙනත් ප්‍රදේශවල සහල් මෝල් වලින් නිෂ්පාදනය කරන සහල් ඔවුන් විසින්ම සිල්ලරට විකිණීම හේතුවෙන් තමන්ට සහල් ලබා ගැනීමේ ක්‍රමයක් නොමැති බවයි මෙම වෙළෙදුන් කියා සිටියේ.

ශ්‍රී ලංකාවේ දෛනික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 6,500ත් 6,600ත් අතර වනවා.

පවතින සහල් හිඟයට විසඳුම් ලෙස සහල් මෙට්‍රික් ටොන් 16, 000ක් පමණ ඊයේ පස්වරුව වන විට මෙරටට ආනයනය කර ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ සදහන් කළේ.

එසේම, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ ගෙවුණු දින 10 තුළ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පමණක් මහා පරිමාණ සහ මධ්‍ය පරිමාණ වී මෝල් වලින් සහල් ටොන් දස දහසකට ආසන්න ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බවයි.

source :- https://tinyurl.com/ys6j4yk4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here