හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අයත් රුපියල් කෝටි 02ක පමණ මුදලක් පවතින ජංගම සහ ස්ථාවර තැන්පතු ගිණුම් දෙකක් අත්හිටුවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන තිබෙනවා.

අද සිට සතියක කාලයක් සදහා මීට අදාළ තහනම් නියෝගය නිකුත් කර ඇත්තේ 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත යටතේ ඔහු සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට අදාළවයි.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය තවදුරටත් දීර්ඝ කර ගැනීමට අපේක්ෂා කරන බවයි අල්ලස් කොමිසම කියා සිටියේ.

මීට පෙර මෙම විමර්ශනයට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සහ ඔහුගේ බිරිද ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකුගේ වත්කම් තහනම් කිරීමට එම කොමිසම පියවර ගනු ලැබුවා.

source :- https://tinyurl.com/2x2pmetz

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here