එළඹෙන 17 වැනිදා රැස්වන පාර්ලිමේන්තුවේදී හිටපු කථානායක අසෝක රන්වලගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ කථානායක ධුරයට නව කථානායකවරයෙකු පත් කර ගැනීමට නියමිතයි.

මේ සඳහා මේ වනවිටත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් නියෝජ්‍ය කථානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලි, පර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිහාල් ගලප්පත්ති සහ ලක්ෂ්මන් නිපුණාරච්චි යන අයගේ නම් යෝජනා වී ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් එවන් තත්ත්වයක් මත විපක්ෂය නියෝජනය කරමින්ද කථානායක ධුරය සඳහා නමක් යෝජනා කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කරනවා.

එහිදී ඔහු සඳහන් කරන්නේ ආණ්ඩු පක්ෂය විසින් රටේ ජනතාව නොමඟ යවා ඇති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අසෝක රන්වල කථානායක ධුරයෙන් පමණක් නොව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස් විය යුතු බවයි.

එමෙන්ම, අඟහරුවාදා දිනයේදී විපක්ෂයෙන්ද කථානායක ධුරය සඳහා නමක් යෝජනා කිරීමට බලාපොරොත්තු වන බවත්, එලෙස යෝජනා කරන තැනැත්තාගේ බොරු අධ්‍යාපන සුදුසුකම් නොමැති බවත් ඔහු සඳහන් කළා.

source :- https://tinyurl.com/4z9ca242

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here