ලොව ප්‍රකට විලාසිතා ඡාලයක් වූ මැන්ගෝ විලාසිතා දාමයේ නිර්මාතෘ ප්‍රකෝටිපතියෙකු වූ Isak Andic හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 71ක්.

බාසිලෝනා අසල මොන්ට්සෙරාට් ගුහාවල ඥාතීන් සමඟ කඳු නැගීමේදී මීටර් 150 ක කඳු බෑවුමකින් ලිස්සා වැටී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

ඔහුගේ පුතු අනතුර සිදු වූ ස්ථානයේ සිටි බවත්, පස්වරු 1ට පමණ පොලිසිය කැඳවූ බවත්, හෙලිකොප්ටරයක් ​වහාම එම ස්ථානයට ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මැන්ගෝ ප්‍රධාන විධායක ටෝනි රුයිස් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ: “ සභාපති සහ මැන්ගෝ නිර්මාතෘගේ මරණය පිළිබඳව ඔවුන් දැඩි කණගාටුවට පත්වන බවයි.

තුර්කියේ උපන් ව්‍යාපාරිකයා 1984 දී බාර්සිලෝනා හි ඔහුගේ සහෝදරයා වන නාහ්මාන්ගේ සහාය ඇතිව මැන්ගෝ ආරම්භ කළ අතර දැන් එම දාමය රටවල් 120 ක අලෙවිසැල් 3,000 කට ආසන්න ප්‍රමාණයක් ක්‍රියාත්මකයි.

ෆෝබ්ස් ඇස්තමේන්තු කර ඇත්තේ ඇන්ඩික්ගේ ශුද්ධ වටිනාකම ඩොලර් බිලියන 4.5 ක් බවයි.

source :- https://tinyurl.com/5pfuazxp

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here