බංග්ලාදේශයෙන් පළාවිත් දේශසීමාව හරහා ඉන්දියාවට ඇතුළු වීමට උත්සහ කළ ගැහැණු දරුවෙකු ඉන්දීය දේශසීමා ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සංවේදී පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එලෙස පලායාමට උත්සහ දරා ඇත්තේ දහහත් හැවිරිදි හින්දු දැරියක් බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මෙම සිද්ධියෙන් දිනකට පසුව තවත් බංග්ලාදේශ ජාතික සිසුවෙක් ගඟක් හරහා පිහිනමින් ඉන්දියාවට පලා යාමට උත්සාහ කර ඇතැයි එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා.

21 හැවිරිදි ජිබාන් බර්මන් නමැති මෙම සිසුවා වධහිංසාවට ලක්වීම හේතුවෙන් බංග්ලාදේශයෙන් පලා විත් ඇති අතර ඉන් අනතුරුවයි දේශසීමා ආරක්ෂක හමුදාවට හසුව ඇත්තේ.

ඔහු කොරොට්වා ගඟ හරහා පිහිනා බටහිර බෙංගාලයේ රාජ්ගන්ජ් වෙත ළඟා වී ඇති අතර එහි දී ඔහු අත් අඩංගුවට පත්වීමෙන් පසු පොලිසියට භාර වී තිබෙනවා.

ඔහු රංග්පූර් දිස්ත්‍රික්කයේ පදිංචිකරුවෙකු වන අතර තකුර්ගෝන් රජයේ විද්‍යාලයේ ශිෂ්‍යයෙක් බවයි එම මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

source :- https://tinyurl.com/366b3jzu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here