ඕස්ට්‍රේලියාවේ හිටපු ශ්‍රී ලංකා නියෝජ්‍ය කොන්සල් ජෙනරාල් හිමාලි අරුණතිලකට ඕස්ට්‍රේලියානු ෆෙඩරල් අධිකරණය විසින් ඩොලර් 100,000 කට අධික දඩයක් නියම කර තිබෙනවා.

එළෙස දඩ මුදලක් නියම කර ඇත්තේ ඇයගේ ගෘහ සේවිකාවක් වූ ප්‍රියංකා දනරත්න යන අයට සතියේ දින 7 ක් පැයකට ඩොලරයකට වඩා අඩු මුදලකට පැය 14කට අධික කාලයක් සේවය කිරීමට සැලැස්වීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් බවයි ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම ඇය විසින් එකී සේවිකාවට නිසි ලෙස වැටුප් ද නොගෙවා ඇති අතර, අධිකරණය නියම කර ඇත්තේ දින 60ක් ඇතුළත අදාළ දඩ මුදල ගෙවන ලෙසටයි.

source :- https://tinyurl.com/mvwc4d85

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here