සංවිධානාත්මක අපරාධකරුවෙකු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝගමත රඳවා ප්‍රශ්න කළ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ජාවාරම්කරුවෙකු බව පැවසෙන ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ ඔහුව අද (13) කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී යි.

මෙහිදී ලබන දෙසැම්බර් 18වන දින නඩු වාරය සඳහා නීතිපති නියෝජනයක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් ලිඛිත නියෝගයක් ඇය නිකුත් කරනු ලැබුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව යටතේ රඳවා ප්‍රශ්නකර දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින මත්කුඩු ජාවාරමේ යෙදුණු අයෙකු වන වික්‍රමරත්න නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ සහ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් ‘කුඩු සළිඳු’ යන අයවලුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටතට ගැනීමට සහ ඔවුන්ට පළායාමට සැලසුම් කළ බව කියන සිදුවීම් මතයි ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් මිදිගම රුවන් නැමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝගමත රඳවා ප්‍රශ්න කරනු ලැබුවේ.

source :- https://tinyurl.com/5n832x29

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here