පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අධිකරණ සහ ජාතික ඒකාබද්ධත අමාත්‍ය නීතිඥ ගරු හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ සදහන්ව තිබූ ආචාර්ය නාමය පිළිබඳව මාධ්‍යවල පළ වන වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුව වෙත ලබාදෙන ලද සිය තොරතුරු පත්‍රිකාවේ ආචාර්ය නාමයක් ඇතුළත්ව නොතිබූ අතර, පාර්ලිමේන්තු වෙබ් අඩවියේ මන්ත්‍රීවරයන්ගේ නාමාවලිය තුළ අමාත්‍ය නීතිඥ ගරු හර්ෂණ නානායක්කාරගේ නම ඉදිරියේ ආචාර්ය යනුවෙන් සඳහන් වීම අදාළ තොරතුරු ඇතුළත් කිරීමේදී අතපසු වීමකින් සිදු වූවක් බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ඒ අනුව, එකී අතපසු වීම් නිවැරදි කිරීමට දැනට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධන අමාත්‍ය නීතිඥ ගරු හර්ෂණ නානායක්කාරට සිදු වූ අපහසුතාවය පිළිබඳවද නිවේදනය හරහා කණගාටුව පළ කර තිබෙනවා.

එසේම පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සියළුම මන්ත්‍රීවරයන්ගේ තොරතුරු නැවත පරික්ෂා කර යාවත්කාලීන කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් පවතින බවද එහි සඳහන්.

source :- https://tinyurl.com/5n7s33rd

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here