
කථානායක අශෝක අශෝක රංවල සිය ආචාර්ය උපාධිය පිළිබඳව ජනතාවට සත්‍ය පැවසිය යුතු බවත් උපාධි සහතිකය පෙන්වා එය තහවුරු කළ යුතු බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා.
ඔහු මේ බව සඳහන් කර සිටියේ හිරු ප්‍රවෘත්ති අංශය සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්.
විදේශීය විශ්ව විද්‍යාලය අධ්‍යාපනය ලබා ඇතනම් එය අන්තර්ජාලය හරහා තහවුරු කර ගත හැකි බවයි ඔහු පවසන්නේ.

මෙපමණ චෝදනා එල්ල වන විටත් කථානායකවරයා ඒ පිළිබවඳ මුනිවත රැකීම ඔස්සේ එම චෝදනා තහවුරු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
එසේ නොමැති නම් උපාධියේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පල කරමින් තමාගේ නිර්දෝශීභාවය කථානායකවරයාට ඔප්පු කළ හැකි බවයි ආචාර්ය නාලක ගොඩහේවා පවසන්නේ.
එමෙන්ම ඔහු සඳහන් කළේ මෙම ආණ්ඩුව විසින් උගතුන්ගෙන් පාර්ලිමේන්තුව පුරවමු ලෙස උදම් ඇනුවද වර්තමානය වන විට එය වංචාවක් බවට තහවුරු වෙමින් පවතින බවයි.
source :- https://tinyurl.com/285s9rh3








