ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැන් තමන්ට ව්‍යවස්ථාව පිළිබඳ ඉගැන්වීමට කතා කිරීම හාස්‍යයට කරුණක් බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.

කැස්බෑවේ පැවැති ජන හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

මහ මැතිවරණය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ ජන හමුවක් කැස්බෑවේදී පැවැත්වුණේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන්.

එහිදී හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ කළ කතාවකට පිළිතුරු දුන් අගමැතිනිය සඳහන් කළේ, ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝණය කළ පුද්ගලයකු තමන්ට ව්‍යවස්ථාව ඉගැන්වීමට සැරසීම ඉතා හාස්‍යයට කරුණක් බවයි.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මේ මොහොතේ නිවසට වී විශ්‍රාම ගත යුතු බවද අගමැතිනිය සඳහන් කළා.

source :- https://tinyurl.com/2c9s8mn5

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here