නීතිය අයුතු ලෙස භාවිතා කළ මාලිමාව පලමු මාසය තුළම ජනතාවගේ පිළිකුළ ජනාධිපති අනුර කුමාර දිසානායකට දන්වන්න මහජන පෙත්සමත් අත්සන් කිරිමට කටයුතු කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.

ඔහු මේ බව පැවසුවේ අද (30) පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

වත්මන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය විජිත හේරත් ඊයේ ප්‍රකාශ කර සිටියා සිය ආණ්ඩුව කිසිම රටකින් ණය ගෙන හෝ සල්ලි අච්චු ගසා නොමැති බව පැවසුව ද එය පට්ටපල් බොරුවක් උදය ගම්මන්පිල මෙහිදී කියා සිටියා.

www.worldbank.org වෙබ් අඩවියෙන් මේ සම්බන්ධයෙන් සෙයා බැලුවහොත් එය නිරික්ෂණය කර හැකි බව ඔහු මෙහීදී කියා සිටියා.

ජනාධිපති අනුර කුමාර දිසානායක එක මාසෙට භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමෙන් රුපියල් කෝටි 95,000 ක් ණයට අරන් ඇති බව උදය ගම්මන්පිල මෙහිදී කියා සිටියා.

මේ ණය කිරීමත් සමඟ වේගය එක් පුද්ගලයෙක් රුපියල් 43,006 ක් ණය කර ඇති බව ඔහු කියා සිටියා. මෙය ගිනස් වාර්තාවක් වනු ඇති බව තමාට විශ්වාසක් ඇති බව උදය ගම්මන්පිල මෙහිදී කියා සිටියා.

ඉදිරි වසර පහ පුරාවටම ණය ලබා ගතහොත් ලංකාවේ ණය තොගය මේ ආණ්ඩුව එන විට තිබු ණය තොගයට වඩා තුන් ගුණයකින් වැඩි වන බව ඔහු කියා සිටියා.

මුදල් අච්චු සම්න්ධයෙන් මහබැංකු නිකුත් කල වාර්තාව සුපරික්ෂාකාරීව බැලුවහොත් එයින් ගම්‍ය වන්නේ විදේශ විනිමය මිලදී ගැනීමට මුදල් අච්චු ගැසු බව ඔහු මෙහිදී පවසා සිටියා.

මේ ආණ්ඩුව යම් කාලයක් දුරට යනතෙක් මුදල් අච්චු ගැසු නෝට්ටු තොගය අවසන් වන තුරුම හිටපු ජනාධිපති රනිල්ගේ අත්සන් සහිතව මුදල් නෝට්ටු තමා දක්නට ලැබෙන බව උදය ගම්මන්පිල කියා සිටියා.

එමෙන්ම මේ ආකාරයේ ණය ලබා ගැනීම් සිදු වුවොහත් ඉක්මනින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සන සහිත මුදල් නෝට්ටු දැක ගැනීමට හැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් කියා සිටියා.

source :- https://tinyurl.com/7c3tpusv

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here