
ඉදිරි මහමැතිවරණය ජාතික ජන බලවේගයට කිසිදු අභියෝගයක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.
ආණ්ඩුව රාජ්‍ය බලය මෙවර මැතිවරණයට පාවිච්චි කරන්නේ නැති බවයි. එසේම මෙවර මැතිවරණයට ඉදිරිපත් වන්න අනෙක් කණ්ඩායමට පණ නැති බව ඔහු කියා සිටියා.
ජනාධිපති අනුර කුමාර දිසානායකට උතුමාණන්, ශ්‍රීමතාන්න, අතිගරු කියන්නේ නැති ඔහු මෙහිදී කියා සිටියා.

ජනාධිපතිවරයාට අපි හැමදාම කියන්නේ අනුර සහෝදරයා බව ඔහු කියා සිටියා.
අපිට ශක්තිය ලබා ගැනීම සඳහා නොවැම්බර් 14 දින මහා මැතිවරණයේදී මේ පාර්ලිමේන්තුව මාලිමාවේ නියෝජිතයන්ගෙන් පුරවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා වැඩිදුරටත් කියා සිටියා.
source :- https://tinyurl.com/38sccmau








