
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්.අයි ඉමාම් වාර්තාව අද (28) පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රකාශයට පත්කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා.
ඒ අනුව අද උදෑසන 10ට පිටකෝට්ටේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී මෙම වාර්තාව මාධ්‍යයට හෙළි කිරීමට නියමිතයි.
උදය ගම්මන්පිල පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රහසිංහ පත්ක විශ්‍රාමික මහාධිකරණ විනිසුරු ඒ.එන්.ජේ.ද අල්විස්ගේ වාර්තාව සම්බන්ධයෙන් පසුගිය 21 වනදා මුල්වරට අනාවරණයක් කළා.

අදාල වාර්තාවේ සදහන් පරිදි හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ද චෝදනා එල්ල කර තිබුණු බවයි උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ.
source :- https://tinyurl.com/2v9hju3a








