
රුවන්වැල්ල, නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේ ඉඳුරාන හන්දියේදී නිට්ටඹුව දෙස සිට රුවන්වැල්ල දෙසට ධාවනය වූ යතුරු පැදියක් මාර්ගය හරහා දකුණු පස ඇති අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී රුවන්වැල්ල දෙස සිට නිට්ටඹුව දෙසට ධාවනය කළ යතුරු පැදියක ගැටී ඊයේ (27) පස්වරුවේ අනතුරක් සිදුව තිබෙනවා.
පොලිසිය පැවසුවේ අනතුරින් තුවාල ලැබූ යතුරු පැදියේ පැදිකාරිය හා කුඩා දරුවන් හා දැරියක් ගෝනගල්දෙනිය රෝහලට ඇතුලත් කිරීමේදී පැදිකාරිය මිය ගොස් ඇත.
මිය ගිය කාන්තාව වයස අවුරුදු 37 ක් වු ඉඳුරාන ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය මෙම යතුරුපැදියේ ගමන් ගත් දරුවන්ගේ මව බව පොලිසිය පවසනවා.

තුවාල ලැබූ වයස අවුරුදු 10 ක දරුවා හා මේ වන විට කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර අවුරුදු 04 ක දැරිය සුළු තුවාල ලබා තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් රුවන්වැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
source :- https://tinyurl.com/yk9eawjv







