ශීත ඍතුවේ දී මත්තලට සංචාරකයන් 68, 000ක් රැගෙන ඒමේ වැඩසටහන අද (28) ආරම්භ කෙරෙනවා.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගගේ මැදිහත් වීම මත මෙහි පළමු අදියර ලෙස අද පස්වරුවේ රෙඩි වින්ග්ස් ගුවන් යානයෙන් මොස්කව් දොමොදේදොවා ගුවන් තොටුපළේ සිට මත්තලට මගීන් 410 දෙනෙකු පැමිණීමට නියමිතයි.

සතියකට ගුවන් යානා 06කින් රුසියාවේ මොස්කව්, කසාන්, නොවොසිබිර්ස්ක්, එක්කතරින්බර්ග්, සෝචි සහ සමාරා යන නගර 06ක සිට ගුවන් යානා 160 කින් සංචාරකයින් 68,000ක් මෙරටට ගෙන්වා ගැණෙනු ඇති.

එමගින් ඩොලර් මිලියන 102ක විදේශ විනිමයක් ඉපයිමටයි සැලසුම් කර ඇත්තේ.

source :- https://tinyurl.com/3nezspxr

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here