
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (23) පැමිණ තිබෙනවා.
ඒ, කොළඹ – හිල්ටන් හෝටලයේ රථ ගාලේ තිබී මෙරටදී එකලස් කරන ලද, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොකළ බව කියන බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම වෙනුවෙන්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනිම වළක්වාලීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජොන්ස්ටන් ප්‍රනාන්දු නීතිඥයෙකු මාර්ගයෙන් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබූ අතර එය ඊයේ කැදවනු ලැබුවා.

එහිදී නිතිඥවරයා සඳහන් කළේ සිය සේවාදායකයා ප්‍රකාශයක් ලබාදීම සඳහා සීඅයිඩීය හමුවේ අද පෙනී සිටීමට සූදානම් බවයි.
source :- https://tinyurl.com/y2u9yakf








