
මුම්බායි සිට නිව්යෝක් බලා පියාසර කරමින් තිබූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් යානයක් බෝම්බ බියක් හේතුවෙන් අද අලුයම දිල්ලිය වෙත හරවා යවා තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, අදාළ යානය මේ වනවිට ඉන්දිරා ගාන්ධී ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ස්ථානගතකර ඇති බවයි.
කෙසේ වෙතත් මගීන් සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කර ඇති බවයි ඉන්දීය පොලිසිය සඳහන් කළේ.

source :- https://tinyurl.com/3e4aw9pf








