මේ වනවිට වෙළෙඳපොළේ බිත්තරයක මිල යළිත් රුපියල් 45 ඉක්මවා ගොස් තිබෙනවා.

පසුගිය දිනවල වෙළෙඳපොළේ රුපියල් 28ත් 32ත් අතර මිල පරාසයක පැවැති බිත්තරයක මිල දිනෙන් දින මෙසේ ඉහළ යන බවයි වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

නිශ්පාදනය පහත වැටීම හමුවේ මෙලෙස බිත්තර මිල ඉහළ ගොස් ඇති බව වැඩිදුරටත් වාර්තා වෙනවා.

එමෙන්ම නිෂ්පාදන අතිරික්තය අලෙවී වී ඇති බැවින්, දෛනික බිත්තර නිෂ්පාදනය මේ වනවිට පරිභෝජනය සඳහා ප්‍රමාණවත් නොමැති බවටයි එම ආරංචි මාර්ග පවසන්නේ.

එසේම පවතින තත්ත්වය හමුවේ ඉදිරි දින කිහිපය තුළ දී බිත්තර මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

source :- https://tinyurl.com/45nnnf9p

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here