උහන, වැවේගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විදුලි සැර වැදීමකින් ඊයේ (13) පස්වරුවේ මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලිසිය කියා සිටියේ මෙම මියගිය පුද්ගලයා වයස අවුරුදු 73 ක් වු වැවේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

පොලිසිය කල මුළික විමර්ශනවලදී හෙළිව ඇත්තේ මෙම පුද්ගලයා අනවසර විදුලි රැහැනක් සකස් කරමින් සිටියදී, විදුලි සැර වැදී මිය ගොස් ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් උහන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

source :- https://tinyurl.com/3mfxpbr2

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here