ඉකුත් දා පාකිස්ථානයේ කරච්චි ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල සිදු වූ මාරාන්තික පිපිරීම තරයේ හෙළා දකින බව පාකිස්තානයේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරනවා.

එය චීන ජාතිකයන් දෙදෙනෙකුගේ ඛේදජනක මරණයට හේතු වූ “ත්‍රස්තවාදී ප්‍රහාරයක්” ලෙසයි පාකිස්ථානයේ චීන තානාපති කාර්යාලය විසින් නම් කර ඇත්තේ.

ඒ අනුව ප්‍රකාශයක් නිකුත් කරමින් තානාපති කාර්යාලය පවසන්නේ, පිපිරුම පෝට් කාසිම් විදුලි බල සමාගමේ රථ පෙළක් ඉලක්ක කර එල්ල වී ඇති බවයි.

ප්‍රහාරයෙන් දෙරටේ ම විපතට පත් වූවන් වෙනුවෙන් බලවත් ශෝකය පළ කරන බවත් චීන තානාපති කාර්යාලය පවසනවා.

කෙසේ නමුත් බෙදුම්වාදී සටන්කාමී කණ්ඩායමක් වන Baloch Liberation Army (BLA), ප්‍රහාරයේ වගකීම භාර ගෙන ඇති අතර, එය ක්‍රියාත්මක කළේ, වැඩිදියුණු කළ පුපුරණ ද්‍රව්‍ය උපකරණයක් භාවිතයෙන් බවත් ප්‍රකාශ කළ බවත් එම මාධ්‍ය වාර්තා පවසනවා.

source :- https://tinyurl.com/3vtr5a4d

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here