ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) සමාගමේ වාහනයක් පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගත් චෝදනාව ප්‍රතික්ෂේප කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මාධ්‍ය අංශය පවසනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ මාධ්‍ය ලේකම් ෂෙරෝන් සමරනායක මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ අදාල ලංකා විදුලි පුද්ගලික සමාගමේ සුබසාධන අංශයට අයත් රථයක් ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු සඳහා යොදාගත් බවට නගන චෝදනාව සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත බවය.

එමෙන්ම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අනුරාධපුරයේ දී 2024 අගෝස්තු 21 දින පැවැති මංගල ප්‍රචාරක රැලිය සඳහා ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) රථයක් යොදාගෙන නොමැති බව එම නිවේදනයේ සඳහන්ව තිබෙනවා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් ලංකා විදුලි පුද්ගලික සමාගම (LECO) සිදුකළ මූලික අභ්‍යන්තර පරීක්ෂණයෙන් ද මෙම චෝදනාව දේශපාලනික එදිරිවාදිකම් අනුව යමින් සිදු කළ අසත්‍ය චෝදනාවක් බව හෙළිව ඇති බවත් ඕනෑම පරික්ෂණයක් සඳහා අවශ්‍ය පූර්ණ සහයෝගය ලබා දීමට නාමල් රාජපක්ෂ මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සූදානම් බව ෂෙරෝන් සමරනායක මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

source :- https://tinyurl.com/2z6ss39b

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here