හිටපු ජනාධිපතිවරුන්ගේ අයිතිවාසිකම් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් සම්බන්ධයෙන් නව පාර්ලිමේන්තුව කැඳ වු පසු නව පනතක් ඉදිරිපත් කර සාමාන්‍ය සරල බහුතරයකින් සම්මත කර එමගින් විශ්‍රාම වැටුප් වෙනස් කිරීමේ හැකියාව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ මණ්ඩපාධිපති නීතීඥ මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ හිරු නිව්ස් වෙත විශේෂ ප්‍රකාශක් කරමින්.

එහිදී ඔහු කියා සිටියේ පාර්ලිමේන්තුව මගින් පනතක් සම්මත කිරීමේදී එය පාර්ලිමේන්තුව මගින්ම සංශෝධනය වීමක් හෝ අලුත් පනතක් ඉදිරිපත් කිරීමෙන් වෙනස් කල හැකි බවයි.

කෙමේ වෙතත් මේ වන විට 1986 අංක 04 පනතට අනුව හිටපු ජනාධිපතිවරුන්ට හා ජනාධිපතිවරුන්ගේ ආර්යාවන්නට ජිවත්ව සිටින කාලයට ලබා දීමට යෝජනා දිමනා ක්‍රියාත්මකව ඇති බව ඔහු සඳහන් කර සිටියා.

එමෙන්ම හිටපු අමාත්‍යවරුන්ට හා මන්ත්‍රීවරුන්ට විශ්‍රාම වැටුප් 1977 අංක 07 පනතට අනුව සිදු කල දෙයක් බවත් එය 1990 පනත් කෙටුම්පත් අනුව වෙනස් කර තිබෙනවා.

ඒ අනුව එය ද කැබිනට් මණ්ඩලය මගින් එකවර කපා හැරීමක් සිදු නොකල හැකි බව ඔහු අවධාරණය කර සිටියා. නමුත් පාර්ලිමේන්තුවේ සම්මත වු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා ජනාධිපතිවරුන්ට අදාළ පනතට අමතරව කැබිනට් මණ්ඩලය විසින් යම් යම් වරප්‍රසාද ලබා දී තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසර 05 ක් සම්පුර්ණ වු පසු විශ්‍රාම යාමට හැකියාව පවතින අතර පනත අනුව ඔවුන්ට විශ්‍රාම වැටුප ලබා ගැනීමට කිසිදු බාධාවක් නොමැති බව  නීතිඥ ප්‍රතිභා මහානාමහේවා කියා සිටියා.

නමුත් කැබිනට් මණ්ඩලය මගින් ලබා දී ඇති අනෙකුත් සියළු වරප්‍රසාද ඉවත් කිරීමට හැකියාව කැබිනට් මණ්ඩලය හැකියාව තිබෙන බව ඔහු කියා සිටියා.

ඒ අනුව ඔවුන්ට ලබා දී ඇති වාහන, ගිනි අවි, දිමනා, පෞද්ගලික ලේකම්වරුන් සඳහා ලබා දී ඇති දිමනා, වරප්‍රසාද සහිත ගුවන් ගමන් බලපත්‍ර මේ සියල්ලම ඉවත් කිරීමට හැකියාව තිබෙනවා.

වසර 05 ක් පමණ පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන්ට ලබා දෙන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප කප්පාදුවක් කිරීමට කැබිනට් මණ්ඩලයට නොහැකි අතර එහිදී සිදු කල යුතු වන්නේ ඉහත කී පනත සංශෝධන කිරීමෙන් බව ඔහු අවධාරණය කර සිටියා.

source :- https://tinyurl.com/3mavwb2x

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here