අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය කුමාර වෙල්ගමගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට අද පෙරවරුවේ සිට අවස්ථාව උදාවනවා.

දේහය, මතුගම – හොරවල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර ඇති අතර, අවසන් කටයුතු හෙට පස්වරු හතරට මතුගම ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිත බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ.

කලක් රෝගාතුරව සිටි හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම ඊයේ අලු‍යම අභාවප්‍රාප්ත වනවිට වයස අවුරුදු 74 ක්.

source :- https://tinyurl.com/4jv2b9da

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here