ඉරානය තුළ දින පහක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ.

හිස්බුල්ලා නායක හසන් නස්රල්ලාගේ මරණය හේතුවෙන් ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි විසින් මෙම ශෝක කාලය ප්‍රකාශයට පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉරානයේ උත්තරීතර නායකයා සඳහන් කර ඇත්තේ පළිගැනීමකින් තොරව මෙම මරණයට සාධාරණයක් ඉටු කිරීමට නොහැකි බවය.

කෙසේ වෙතත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ පවසා ඇත්තේ හිස්බුල්ලා නායකයාගේ මරණය ඓතිහාසික හැරවුම් ලක්ෂයක් වනු ඇති බවයි.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සඳහන් කර ඇත්තේ හිස්බුල්ලා නායක හසන් නසරල්ලාගේ මරණය බොහෝ දෙනෙකුට යුක්තිය ඉටු කරනු ඇති බවයි.

source :- https://tinyurl.com/yxtxfhs3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here