
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කර තිබෙනවා.
කෙසේ වෙතත් හිටපු කතානායක හිටපු නියෝජ්‍ය කතානායකවරයාගේ සහ විපක්ෂ නායකවරයාගේ පොලිස් ආරක්ෂාව දිගටම ලබාදීමටයි තීරණය කර ඇත්තේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන් සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි වුණා.

මන්ත්‍රී දීමනාව, කාර්ය මණ්ඩල දීමනාව ඉන්ධන දීමනාව මුද්දර දීමනාව ඇතුළු සියලු පහසුකම්ද මේ අනුව අහෝසි වනු ඇති.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයේ පමණක් මැතිවරණය පැවැත්වෙන දිනය තෙක් රැඳී සිටීමට අවසර ලබාදී ඇති බවද වාර්තා වෙනවා.
source :- https://tinyurl.com/2mpvj4wx








