මේ වන විට වෙළෙඳපොළේ බිත්තර මිල රුපියල් 28ත් 35ත් අතර මිල පරාසයක පවතින බවට සමස්ත ලංකා බිත්තර හිමියන් සඳහන් කළත් කුකුළු ගොවිපොළවල් හිමියන් පවසන්නේ නිශ්පාදන වියදම හා සැසඳීමේදී රුපියල් 28කට බිත්තරයක් ලබාදීමට නොහැකි බවයි.

එමෙන්ම බිත්තර අඩුවීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදිය යුතු වුවත්, බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදනවල මිලෙහි කිසිඳු අඩුවක් නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කරනවා.

පසුගිය වසර දෙකක කාලය තුළ දී බිත්තරයක් රුපියල් 65ක් දක්වා ඉහළ ගොස් නමුත්, වෙළෙඳපොලෙහි බිත්තර මිල මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් පහත බැස ඇති අතර, බිත්තරයක මිල රුපියල් 28ත් 35ත් අතර වු මිල පරාසයක පවතින බවට වාර්තා වනවා.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අලෙවිකරනු ලබන බිත්තර ආශ්‍රිත නිශ්පාදනවල මිලද අඩුවිය යුතු අතර, එම නිෂ්පාදනවල මිල ගණන් පැහැදිලිව ප්‍රදර්ශනය කර යුතු බවයි.

මේ අතර, මෙරටට ආනයනය කළ බඩඉරිඟු ටොන් ලක්ෂ 3ක ගොවිපොළවල්වලට බෙදාදීමේදී සිදුව ඇති අක්‍රමිකතා සම්බන්ධයෙන්ද සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරනවා.

එමෙන්ම බිත්තර මිල අඩුවීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා දිය යුතු බව පවසමින් සහ වෙළෙඳසැල් හිමියන් විසින් භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් ජාතික පාරිභෝගික පෙරමුණ පාරිභෝගික සේවා අධිකාරියේ නව සභාපතිවරයා සමඟ සාකච්ඡාවක ද නිරත වුණා.

source :- https://tinyurl.com/yuys2r5x

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here