මහ මැතිවරණයේදී තමන් අයත් ඡන්දපළේදී ඡන්දය සලකුණු කිරීමට සාධාරණ බියක් ඇති ඡන්ද හිමියන්ට වෙනත් ඡන්දපළකදී ඡන්දය දීමට අවසර ඉල්ලා සිටිය හැකි බව, මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව ඔවුන්ට ලබන මස 01 වනදාට පෙර මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයට හෝ දිස්ත්‍රීක් මැතිවරණ කාර්යාලයට ඉල්ලුම්පත් ඉදිරිපත් කළ හැකි බවයි එම කොමිෂන් සභාව නිවේදනය කළේ.

මෙම වසරේ ඡන්ද හිමි නාම ලේඛනයට අනුව අදාළ විස්තර ඉල්ලුම් පත්‍රයට ඇතුළත් කළ යුතු වනවා.

source :- https://tinyurl.com/2hvrvbrf

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here