
09 වන පාර්ලිමේන්තුව නියමිත දිනට පෙර ජනාධිපතිවරයා විසින් විසුරුවා හැරීම නිසා නවක මන්ත්‍රිවරුන් සහ මන්ත්‍රීවරියන් 85 දෙනෙකුට පමණ විශ්‍රාම වැටුප අහිමි වී තිබෙනවා.
මන්ත්රිවරයෙකුට විශ්‍රාම වැටුප හිමිවීමට නම් පාර්ලිමේන්තුවේ වසර 05ක කාලය සම්පූර්ණ විය යුතුයි.
09 වන පාර්ලිමේන්තුවේ නිළ කාලය ලබන වසරේ අගෝස්තු 08 වනදා අවසන් වීමට නියමිතව තිබුණා.

මෙසේ විශ්‍රාම වැටුප අහිමිවූ මන්ත්‍රිවරු 85 දෙනාට විපක්ෂයේ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ද ඇතුළත්.
පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට විශ්‍රාම වැටුප් හිමිවන්නේ 1977 අංක 01 දරණ මන්ත්‍රී විශ්‍රාම වැටුප් පනතේ විධි විධාන වලට අනුවයි.
වසර 05 සම්පූර්ණ කරන මන්ත්රිවරයෙකුට මන්ත්‍රී වැටුපෙන් තුනෙන් එකක මුදලක් එනම් රුපියල් 21,000 කට ආසන්න මුදලක් විශ්‍රාම වැටුප ලෙස හිමිවනවා.
වසර 10ක් සම්පූර්ණ වන මන්ත්රිවරයෙකුට හිමිවන්නේ මන්ත්‍රි වැටුපෙන් තුනෙන් දෙකක මුදලක්.
මේ අතර, පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළ මූලික කටයුතු ආරම්භ කළ බව රජයේ මුද්රණාලයාධිපතිණි ගංගානි ලියනගේ ප්‍රකාශ කළා.
ඇය කියා සිටියේ, ඉදිරි මහ මැතිරණයට මෙන්ම පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ කඩදාසි ප්‍රමාණවත් පරිදි මුද්‍රණාලය සතු බවයි.
ඒ අනුව මැතිවරණ ක්‍රියාවලියට අදාළ ගැසට් පත්‍ර ආදියේ මුද්‍රණ කටයුතු ද ආරම්භ කළ බවයි මුද්‍රණාලයාධිපතිණිය කියා සිටියේ.
එමෙන්ම මහ මැතිවරණය පැවැත්වීමට අඩු කාලයක් ලබාදී ඇතත් උසස්පෙළ විභාගයට බාධා නොවන අයුරින් ඡන්ද විමසීම පැවැත්වීමට සූදානම් බව, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
source :- https://tinyurl.com/mrye5kat








