බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් මාර්ෂල් ඔෆ් ද එයා ෆෝස්, රොෂාන් ගුණතිලක ඉල්ලා අස්වී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ලිපියක් යොමුකරමින් ඔහු ඉල්ලා අස්වෙන බව දැනුම්දී තිබෙනවා.

රොෂාන් ගුණතිලක 2020 මාර්තු 25 වනදා සිට බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙහි කටයුතු කරනු ලැබුවා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු මාර්ෂල්වරයා වූ රොෂාන් ගුණතිලක එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදුකළ මානුෂීය මෙහෙයුමේදී ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

source :- https://tinyurl.com/mrxzw9au

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here