පසුගිය යහපාලන රජය සමයේ ගොනු කෙරුණු අල්ලස් නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ට නොවැම්බර් 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණය අද (24) නියම කර තිබෙනවා.

සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුවක් අද කැඳවූ අවස්ථාවේදී එම නඩුවේ පැමිණිලිකරුවන විජිත හේරත් සාක්ෂි දීම සඳහා අධිකරණයේ පෙනී සිටියා.

එම අවස්ථාවේදී විජිත හේරත් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා අද අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් දිවුරුම් දීමට ඇති නිසා සාක්ෂි දීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා තිබෙනවා.

එම ඉල්ලීම පිළිගත් මහාධිකරණය විජිත හේරත්ට සාක්ෂි දීම සඳහා යළි නොවැම්බර් 29 වැනිදා පෙනී සිටින ලෙස නියෝග කළා.

2010 වසරේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රවර්ධන කටයුතුවල දී පුද්ගලික සමාගමක් සමඟ ඇති කර ගත් එකඟතාවය රුපියල් මිලියන 64ක මුදලක් රජයට පාඩු කළේ යැයි, චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් චන්ද්‍රවංශ පතිරාජට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණා.

source :- https://tinyurl.com/wk479d35

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here