
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස පත්වූ එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ දක්ෂ නිලධාරියෙක්.
ඔහු 1988 මැයි මස 17 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට කැඩෙට් නිලධාරියෙකු ලෙස එක්ව තිබෙනවා.
පසුව 1990 වර්ෂයේදී සාමාන්‍ය රාජකාරි නියමු නිලධාරියෙකු ලෙස පත්ව ඇති බව බවයි පැවසෙන්නේ.

එම වසරේම ඔහු බෙල් 212 සහ 412 හෙලිකොප්ටර් යානාවල මෙහෙයුම් නියමුවෙකු ලෙස පියාසර රාජකාරියේ නිරතව තිබෙනවා.
මේ අතර 2001 අවුරුද්දේදී එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත දෙවන අණදෙන නිලධාරියෙකු වශයෙන් පත්වී ඇති බව සඳහන්.
ඒ අනූව ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණයට ඔහු පත් කර තිබෙන අතර, 2005 වසරේදී අණදෙන නිලධාරි වශයෙන් උසස්වීම් ලබා තිබෙනවා.
එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත සිය සේවා කාලය තුළදී උතුරු නැගෙනහිර මුදාගැනීමේ මානුෂීය මෙහෙයුම ඇතුළු සිදුකළ සියලුම ප්‍රධාන මෙහෙයුම් සඳහා දායකත්වය සපයා තිබෙන නිලධාරියෙක්.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක හෙලිකොප්ටර් නියමුවෙකු ලෙස පියාසර පැය 7,000කට අධික කාලයක් වාර්තා කිරීමට ද එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත සමත් වී ඇති බවයි පැවසෙන්නේ.
මේ අතර දෙවසරක කාලයක් පාකිස්තානයේ ඉස්ලාමාබාද් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කළා.
ඔහු විසින් සිදුකළ විශිෂ්ට සේවාව වෙනුවෙන් ‘වීර වික්‍රම විභූෂණ’, ‘රණ වික්‍රම’, ‘රණ ශූර’ ඇතුලු පදක්කම් රැසක් හිමිකරගෙන තිබෙනවා.








