
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල ගණනයේ දී පලමු වටයෙන් කිසිදු අපේක්ෂකයෙකුට සියයට 50 ක පරම බහුතරයක් ලබා ගැනීමට නොහැකි වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක නිල වශයෙන් නිවේදනය කරයි.
ඒ අනුව අදාළ ඡන්ද වීමසීමේ දෙවන වර ඡන්දය ගණනය කිරීම ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ.
මෙහිදී අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන අය හැර අනෙක් අය ජනාධිපතිවරණ තරඟයෙන් ඉවත් කර ඇති බව ඔහු පවසා සිටියා.

ඒ අනුව අදාළ දෙවන මනාපය ගණන් කිරීම ආරම්භ කිරීම සඳහා සියළුම තේරීම් භාර නිලධාරින් වෙත දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක වැඩිදුරටත් කියා සිටියා.
source :- https://tinyurl.com/4xud537j








