මෙරට 9වැනි විධායක ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම සඳහා වන 9 වැනි ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අද (21) පැවැත්වෙනවා.

අද (21) උදෑසන 7.00ට ඡන්ද විමසීම ආරම්භ වුණා.

පෙරවරු 10.00වන විට රට පුරා දිස්ත්‍රික්කවල ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතයන් පිළිබඳ තොරතුරු මේ වන විට වාර්තා වී තිබෙනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ 20%ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති අතර රත්නපුර දිස්ත්‍රික්කයේ 20%ක්, කළුතර 31%ක්, මාතර 27%ක්, ගාල්ල 18%ක් හා නුවරඑළිය 10%ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

යාපනය දිස්ත්‍රික්කය තුළ 10%ක ප්‍රතිශතයක්, පුත්තලම 23%ක්, කුරුණෑගල 30%ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ 38%ක් මේ වන විට ඡන්දය භාවිත කර අවසන් බවද සඳහන්.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ 30.4%ක් ද, මොනරාගල 18%ක්ද, දිගාමඩුල්ල 30%ක්ද, ගම්පහ දිස්ත්‍රික්කය තුළ 25%ක ප්‍රතිශතයක්ද පෙරවරු 10.00 වන විට ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

source :- https://tinyurl.com/5e7d89ep

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here