
චීනයේ ෂැංහයි නගරයට බලපෑ දෙවන සුළි කුණාටුවත් සමග එහි මාර්ග සහ නිවාස ජලයෙන් යටවී තිබෙනවා.
පැයට කිලෝමීටර 83ක වේගයෙන් හමා ආ පුලාසන් සුළි කුණාටුව හේතුවෙන් වැඩි බලපෑමක් ෆෙන්ග්ෂියන් ප්‍රදේශයට ඇතිව තිබෙන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
වසර 75කට පසු චීනයේ ෂැංහයි නගරයට පසුගියදා බලපෑ ප්‍රථම සුළි කුණාටුවේ අවදානම පහව යෑමටත් පෙරයි දෙවන සුළි කුණාටුව ඊයේ මෙලෙස කඩාවැදී තිබුණේ.

කෙසේ වෙතත් මෙම සුළි කුණාටුවේ බලපෑම දකුණු කොරියාවට ජපානයටද එල්ලවිය හැකි බවට අනාවැකි පළ කර තිබෙනවා.
source :- https://tinyurl.com/56ns84d5








