ඇමරිකා එක්සත් ජනපදයේ ටෙනසිහි ටයිටැනික් කෞතුකාගාරය මෑතක දී අපූරූ අංගයක් හඳුන්වා දී තිබෙනවා.

ටයිටැනික් නෞකාව ගිලී යන මොහොතේ අත්ලාන්තික් සාගරයේ ජලයෙහි සීතල කෙතරම්ද යන්න දැනගැනීමට මෙම කෞතුගාරයට පැමිණෙන අයට හැකියාව සලසා දී ඇති බවයි වාර්තා වන්නේ.

1912 අප්‍රේල් 15 වැනි දින ටයිටැනික් නැව ගිළුණු රාත්‍රියේදී සාගර ජලය මගීන්ට දැනුණු ආකාරය ඒ විලසින්ම සජීවිව විඳීමට මෙහිදී හැකියාව සලසා දී තිබෙනවා.

මෙම -2 °C වූ සීතල ජලයට අත දමන සංචාරකයෝ ප්‍රතිචාර දක්වන්නේ “අනේ දෙවියනේ” යනුවෙන් ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එමෙන්ම එම මාධ්‍ය වාර්තා කරන්නේ මේ හැඟීම විඳින බොහෝ දෙනෙකු ඛේදවාචකය සිදුවුණ රාත්‍රියේ මගීන් විඳි වේදනාව සම්බන්ධයෙන් දැඩිව දුක් වෙන බවයි.

source :- https://tinyurl.com/3way9h92

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here