මගියෙකුගේ පා පහරක් නිසා බස් රථයක රියදුරුට රථය පාලනය කර ගත නොහැකිව පෙරලී ගොස් තිබෙනවා.

මෙම අනතුර කොළඹ – නුවර පාරේ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී සිදුව අති බවයි පොලිසිය පවසන්නේ.

මෙම බස් රථය කොළඹ – නුවර පාරේ කඩවත දෙසට ධාවනය වෙමින් තිබූ අතර තුර යතුරු පැදියකින් පැමිණි අයෙක් බස් රථයට ගොඩවී තිබෙනවා.

එහිදී ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගොස් සැකකරු විසින් රියදුරාට පා පහරක් ගසා තිබෙන අතර ඒ මොහොතේ රථය පාලනය කරගැනීමට නොහැකි වීමෙන් බසය මාර්ගයෙන් ඉවතට පැන වෙලකට පෙරලී ඇති බවයි පොලීසිය පොලිසිය පැවසුවේ.

පහරදීමට හේතුව සැකකරු සහ බස් රථයේ රියදුරු අතර පැවති මුදල් ගනුදෙනුවක් බව පැවසෙනවා.

බසය පෙරලීම වූ අවස්ථාවේ එහි මගීන් සිට නොමැති බවයි පොලිසිය පැවසුවේ.

සිදුවීමෙන් තුවාල ලැබූ බස්රථ රියදුරා සහ පහරදීම සිදු කළ තැනැත්තා ප්‍රතිකාර සඳහා ගම්පහ මහ රෝහලට ඇතුලත් කර තිබෙනවා.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

source :- https://tinyurl.com/5d23wsd3

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here