
නැගෙහිර යුරෝපා කලාපයට බලපා ඇති බොරිස් සුළි කුණාටුව හේතුවෙන් රටවල් රැසකට බලපෑම් එල්ලවී තිබෙනවා.
මෙහිදී චෙක් ජන රජයේ ගං වතුර හේතුවෙන් නිවාස 51,000 කට පමණ විදුලිය ඇණහිට ඇති අතර, අගනුවර ප්රදේශයේ ගං වතුර තත්වය තවදුරටත් ඉහළ යමින් පවතින බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
එමෙන්ම ගං වතුර තත්වයත් සමඟ පෝලන්ත – චෙක් ජන රජයේ දේශසීමා ආසන්නයේ පවතින වේල්ලක් පුපුරා යාමෙන් ප්රදේශ රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

එමෙන්ම බොරිස් සුළි කුණාටුව හේතුවෙන් රුමේනියාවටද දැඩි බලපෑම් එල්ලවී ඇති අතර, මේ වනවිට එරට පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
source :- https://tinyurl.com/2mxuzk2u








